ෆාලුන් ඩාෆා හෙවත් ෆාලුන් ගොන්ග් යනු...
මිනිස් සිත අධ්‍යාත්මිකවත් මිනිස් ශරීරය කායිකවත් ඉතා දියුණු, ඉතා නීරෝගී තත්වයන් කරා සංවර්ධනය කරන ව්‍යායාම පුහුණුක්‍රමයකි. සත්‍ය, කරුණාව සහ ඉවසීම යන විශ්වීය උතුම් නියාමධර්ම පදනම් කරගත් මෙම අධ්‍යාත්මික සංවර්ධන ප්‍රතිප්‍රදව ලී හොන්ග්ෂි ගුරුතුමා විසින් මුල් වරට 1992 වසරේ චීනයේ දී ඉගැන්වීම ආරම්භ කරන ලදී. අද මෙම ෆාලුන් ඩාෆා ප්‍රතිපදාව ලොව පුරා රටවල් 100 කට අධික ප්‍රමාණයක මිලියන ගණනක ජනයා අතර ඉතා යහපත් ප්‍රතිඵලදායක අධ්‍යාත්මික සංවර්ධන පුහුණුවක් ලෙස ප්‍රචලිත වී ඇත.
ෆාලුන් ඩාෆා ඉගෙන ගන්නේ කෙසේද?
ඔබට එය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලී හොන්ග්ෂි ගුරුතුමා විසින් රචිත ෂුආන් ෆාලුන් හා ෆාලුන් ගොන්ග් යන පොත් වලින් ලබා දී ඇත. ෂුආන් ෆාලුන් (ඉංග්‍රිසි හා සිංහල පරිවර්තනයෙහි) ෆාලුන් ඩාෆා ප්‍රතිපදාව සම්බන්ධ තොරතුරු හා මාර්ගෝපදේශය සැකෙවින් දක්වා ඇති අතර ෆාලුන් ගොන්ග් පොතෙහි ෆාලුන් ඩාෆා පිළිබඳව මනා හැඳින්වීමක් හා ෆාලුන් ඩාෆා ව්‍යායාම් සමූහය පිළිබඳව හැදින්වීමක් සිදුකර ඇත. මෙම පොත් පරිශීලනය කිරීමෙන් ඔබට පහසුවෙන් ෆාලුන් ඩාෆා පුහුණුවීම ඉගෙන ගත හැකිය.
වර්තමානයේ ෆාලුන් ඩාෆා ව්‍යාප්තිය...
ලොව පුරා රටවල් 100 කට අධික විවිධ ජාතීන්ට අයත් ජනයා අතර යහපත් අධ්‍යාත්මික සංවර්ධන ප්‍රතිපදාවක් ලෙස ගෞරවාදරයට පාත්‍රවී ඇත. ඔවුහු සෑම දිනකම මෙම ප්‍රතිපදා ව්‍යායාම පුහුණුකරමින් සහ සිය ගුණවත් බව වැඩිදියුණු කරගනිමින් තමන්ගේ ජීවිත මෙන්ම සමාජයේ සුභ සිද්ධියද නංවාලමින් කටයුතු කරමින් සිටී.
ෆාලුන් ඩාෆා සියලු ජනයා වෙත විවෘත ව්‍යායාම ක්‍රමයකි. ෆාලුන් ඩාෆා ප්‍රතිපදා ව්‍යායාම් හා අනෙකුත් මාර්ගෝපදේශනයන් සියල්ල කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ඔබ වෙත ලබා දෙනු ලැබේ. එමෙන්ම ෆාලුන් ඩාෆා කිසිදු ආගමික, නිකායික ඉගැන්වීමක් නොවේ.
📷 ශ්‍රී ලංකාවේ ෆාලුන් ඩාෆා
🪷 ෆාලුන් ඩාෆා ගැන වැඩිදුර ඉගෙන ගන්න
ෆාලුන් ඩාෆා සියලු දෙනා සඳහා විවෘත වන අතර සියලුම ක්‍රියකාරකම් නොමිලේ සිදු කරනු ලබයි. අදම පුහුණුවීම් ආරම්භ කර ඔබත් ඔබගේ පවුලත් එහි ප්‍රතිලාභ අත්විඳින්න.
දේශීය සම්බන්ධතා