අමානුෂික වද හිංසා පමුණුවීම තව දුරටත් පැවතිය යුතුද?
1992 වර්ශයේදී චීනයට ෆාලුන් ඩාෆා හදුන්වාදීමෙන් පසුව එහි යහපත් බව තේරුම් ගත් නිසා ඉතා සීඝ්‍රයෙන් චීනය තුළ ෆාලුන් ඩාෆා ව්‍යාප්ත වූවා. මේ හේතුවෙන් 1999 වන විට චීන ජනගහනයෙන් 1/13 ක පමණ එනම් මිලියන 100ක් පමණ දෙනා ෆාලුන් ඩාෆා පුහුණු වීම අරම්භ කරන ලදී.
මෙම ඉගැන්වීම රජයේ පාලනයෙන් තොර බවත්, ෆාලුන් ඩාෆා ජනප්‍රිය වීම තුළින් චීන කොමියුනිට්ස් පක්ෂයේ බලයට තර්ජනයක් ඇති විය හැකි බවත්, එවකට බලයේ සිටි චීන කොමියුනිට්ස් පක්ෂයේ නායක ජිඅන්ග් ෂෙමින් ජනාධිපතිවරයා විසින් වැරදි සහගත ලෙස තේරුම් ගන්නා ලදී.
එහෙත් ෆාලුන් ඩාෆා පුහුණු වීම තුළින්,
- සත්‍ය
- කරුණාව
- ඉවසීම
වැනි ගුණධර්මයන්ගෙන් යුත් නීරෝගිමත් ජනතාවක් ගොඩනන්වන අතර ජිඅන්ග් ෂෙමින් විශ්වාස කරන ආකාරයේ අයහපත් දෙයක් සිදු වූයේ නැත.
ෆාලුන් ඩාෆා ශිෂ්‍යයන්ට සිදු වූ වධ හිංසා නිරූපණය — ජාත්‍යන්තර ප්‍රදර්ශනය
ෆින්ලන්තයේ ෆාලුන් ඩාෆා ශිෂ්‍යයින් 2012 දී පෙත්සමට අත්සන් එකතු කිරීම.
එසේ වුවත් අවසානයේදී 1999 ජූලි මස 20 වනදා නායක ජිඅන්ග් ෂෙමින් විසින් ෆාලුන් ඩාෆා චීනය තුළ තහනම් කරන ලදී. එතැනින් නොනැවතුන ඔවුන් සෑම ෆාලුන් ඩාෆා පුහුණුවන්නෙකුටම හිංසා සිදු කල අතර ඔවුන්ව හමුදා ශ්‍රම කදවුරු වලට පවා යවන ලදී. මිලියන ගණනක් පුහුණුවන්නන් රදවා ගනු ලැබූ අතර ඔවුන්ව සිරබාරයට ගනු ලැබීය. ලක්ෂයකට අධික පුහුණුවන්නන් සිරබාරයේ සිටියදී බලවත් හිංසනයට සහ අපයෝජනයට ලක්වී තිබේ.
තවදුරටත් අකාරුණික වූ චීන රාජ්‍ය පාලනය සිරබාරයට ගත් පුහුණුවන්නන්ගේ ශරීර වල අවයව බලෙන් ගලවා ගැනීම පිණිස ඔවුන් මරණයට පත් කරනු ලැබුවා. මෙලෙස ගලවා ගනු ලබන අවයව නැගී එන චීන අවයව බද්ධ කිරීමේ ව්‍යාපාරයට යොදා ගනු ලබනවා. මෙලෙස අවයව ගලවා ගැනීමේ මධ්‍යස්ථාන 36කට වඩා චීනය තුළ පිහිටුවා තිබූ බව 2006 දී කල ස්වාධීන සමීක්ෂණයකදී අනාවරණය කර තිබෙනවා.
🕊️ සත්‍ය ලොවට ප්‍රකාශ කිරීම
ලොව පුරා විසිරී සිටින ෆාලුන් ඩාෆා ශිෂ්‍යයින් ලොවට සත්‍ය ප්‍රකාශ කිරීමේ ශ්‍රේෂ්ඨ කාර්යය ඉදිරියට ගෙන යමින් සිටි. ඔවුන් සත්‍ය, කරුණාව, ඉවසීම යන උතුම් විශ්වීය ගුණධර්ම ජීවිතයට එක් කර ගනිමින්, චීනය තුළ හිංසනයට ලක්වන පුහුණුවන්නන් ඉන් මුදවා ගැනීමට සාමකාමී ආයාචනයක් සිදු කරමින් සිටි. ඔබටත් ලොව ඕනෑම තැනක සිට මේ සඳහා දායක විය හැක.
මේ සදහා ඔබට කුමක් කල හැකිද?
ලොව පුරා සියලු ෆාලුන් ඩාෆා ශිෂ්‍යයෝ සහ ඒ සදහා සහය දෙන්නෝ, චීනය තුළ මේ හිංසාව අවසන් කිරීමට සාමකාමී ලෙස ආයාචනා කරමින් සිටිති. ඔබ ද පහත ආකාරවලින් සහය දිය හැකිය:
චීනය තුළ මිනිස් අවයව ගලවා ගැනීමට විරුද්ධව සහ ෆාලුන් ඩාෆා තහනම ඉවත් කිරීම පිණිස www.fofg.org හරහා පෙත්සමකට අත්සන් කළ හැකිය. එසේම www.faluninfo.net සහ www.minghui.org හරහා සත්‍ය තොරතුරු ලබා ගත හැකිය.
ෆාලුන් ඩාෆා පුහුණුවන්නන්ට හිංසා කිරීමට චීනයේදී භාවිතා කළ හිංසන ක්‍රම නිදර්ශනය කරන බැනරයක්.
ෆාලුන් ඩාෆා ශිෂ්‍යයෙකු Tiananmen Square හිදී අත්අඩංගුවට ගැනීම
සත්‍ය ලොවට ප්‍රකාශ කිරීමට ඔබ ද සහය වන්න
චීනයේ මෙම මානව හිමිකම් කඩවීමට විරුද්ධව, www.fofg.org හරහා පෙත්සමකට අත්සන් කිරීමට, හෝ www.faluninfo.net සහ www.minghui.org හරහා සත්‍ය දැනගැනීමට ඔබට ආරාධනා කරන්නෙමු.
දේශීය සම්බන්ධතා