අප පිලිබඳ
ෆාලුන් ඩාෆා හෙවත් ෆාලුන් ගොන්ග් යනු...
මිනිස් සිත අධ්‍යාත්මිකවත් මිනිස් ශරීරය කායිකවත් ඉතා දියුණු, ඉතා නීරෝගී තත්වයන් කරා සංවර්ධනය කරන ආධයාත්මික සංවර්ධන පුහුණුක්‍රමයකි. සත්‍ය, කරුණාව සහ ඉවසීම යන විශ්වීය උතුම් නියාමධර්ම පදනම් කරගත් මෙම අධ්‍යාත්මික සංවර්ධන ප්‍රතිප්‍රදව ලී හොන්ග්ෂි ගුරුතුමා විසින් මුල් වරට 1992 වසරේ චීනයේ දී ඉගැන්වීම ආරම්භ කරන ලදී. අද මෙම ෆාලුන් ඩාෆා ප්‍රතිපදාව ලොව පුරා රටවල් 80 කට අධික ප්‍රමාණයක මිලියන ගණනක ජනයා අතර ඉතා යහපත් ප්‍රතිඵලදායක අධ්‍යාත්මික සංවර්ධන පුහුණුවීමක් ලෙස ප්‍රචලිත වී ඇත.
ෆාලුන් ඩාෆා ඉගෙන ගන්නේ කෙසේද?
ඔබට එය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලී හොන්ග්ෂි ගුරුතුමා විසින් රචිත
ෂුආන් ෆාලුන් හා ෆාලුන් ගොන්ග් යන පොත් වලින් ලබා දී ඇත.
ෂුආන් ෆාලුන් (ඉංග්‍රිසි හා සිංහල පරිවර්තනයෙහි ) ෆාලුන් ඩාෆා ප්‍රතිපදාව
සම්බන්ධ තොරතුරු හා මාර්ගොපදේශනය සැකෙවින් දක්වා ඇති
අතර ෆාලුන් ගොන්ග් පොතෙහි ෆාලුන් ඩාෆා පිළිබඳව මනා හැඳින්වීමක්
හා ෆාලුන් ඩාෆා ව්‍යායාම සමුහය පිළිබඳව හැදින්වීමක් සිදුකර ඇත. මෙම
පොත් පරිශීලනය කිරීමෙන් ඔබට පහසුවෙන් ෆාලුන් ඩාෆා පුහුණුවීම
ඉගෙන ගත හැකිය.

වර්තමානයේ ෆාලුන් ඩාෆා ව්‍යාප්තිය...
ලොව පුරා රටවල් 80 කට අධික විවිධ ජාතීන්ට අයත් ජනයා අතර යහපත් අධ්‍යාත්මික සංවර්ධන ප්‍රතිපදාවක් ලෙස ගෞරවාදරයට පාත්‍රවී ඇත. ඔවුහු සෑම දිනකම මෙම ප්‍රතිපදා ව්‍යායාම පුහුණුකරමින් සහ සිය ගුණවත් බව වැඩිදියුණු කරගනිමින් තමන්ගේ ජීවිත මෙන්ම සමාජයේ සුබසිද්ධියද නංවාලමින් කටයුතු කරමින් සිටී. ඉතිහාසය පුරාවටම අත්දුටු ආකාරයට මිනිස් සංහතිය දුකින් මුදවා ගැනීමට ඉදිරිපත්වුනු සෑම අවස්ථාවකදීම මුහුණ පෑමට සිදුවූ අකාරයට අද ෆාලුන් ඩාෆා උතුම් මාර්ගයට එරෙහිව නැගී සිටින නපුරු බලවේගද බොහෝය. ඒ සියළු තාඩන පීඩන හිංසාදිය යටපත් කරගනිමින් සිය සිත් සතන් තුළ සත්‍යවාදී බව, කරුණා මෛත්‍රී ගුණය සහ ඉවසීමේ ගුණය වපුරමින් ලොව පුරා ෆාලුන් ඩාෆා ශික්ෂකයන් සත්‍යය ලොවට හෙලි කරමින් මිනිස් වර්ගයා දුකින් විනාශයෙන් බේර ගැනීමට කටයුතු කරමින් සිටී.
ෆාලුන් ඩාෆා සියළු ජනයා වෙත විවෘත අධ්‍යාත්මික සංවර්ධන පුහුණුවීමකි. ෆාලුන් ඩාෆා ප්‍රතිපදා ව්‍යයාම් හා අනෙකුත් මාර්ගෝපදේශනයන් සියල්ල කිසිදු මුදලක් අය කිරීමකින් තොරව ඔබ වෙත ලබ දෙනු ලැබේ.
එමෙන්ම ෆාලුන් ඩාෆා කිසිදු ආගමික, නිකායික ඉගැන්වීමක් නොවේ.