අමානුෂික වද හිංසා පමුණුවීම තව දුරටත් පැවතිය යුතුද?

1992 වර්ශයේදී චීනයට ෆාලුන් ඩාෆා හදුන්වාදීමෙන් පසුව එහි යහපත් බව තේරුම් ගත් නිසා ඉතා සීඝ්‍රයෙන් චීනය තුළ ෆාලුන් ඩාෆා ව්‍යාප්ත වූවා. මේ හේතුවෙන් 1999 වන විට චීන ජනගහනයෙන් 1/13 ක පමණ එනම් මිලියන 100ක් පමණ දෙනා ෆාලුන් ඩාෆා පුහුණු වීම අරම්භ කරන ලදී.

මෙම ඉගැන්වීම රජයේ පාලනයෙන් තොර බවත්, ෆාලුන් ඩාෆා ජනප්‍රිය වීම තුළින් චීන කොමියුනිට්ස් පක්ෂයේ බලයට තර්ජනයක් ඇති විය හැකි බවත්, එවකට බලයේ සිටි චීන කොමියුනිට්ස් පක්ෂයේ නායක ජිඅන්ග් ෂෙමින් ජනාධිපතිවරයා විසින් වැරදි සහගත ලෙස තේරුම් ගන්නා ලදී.

එහෙත් ෆාලුන් ඩාෆා පුහුණු වීම තුළින්,

  • සත්‍ය
  • කරුණාව
  • ඉවසීම
වැනි ගුණධර්මයන්ගෙන් යුත් නීරෝගිමත් ජනතාවක් ගොඩනන්වන අතර ජිඅන්ග් ෂෙමින් විශ්වාස කරන ආකාරයේ අයහපත් දෙයක් සිදු වූයේ නැත.

 

එසේ වුවත් අවසානයේදී 1999 ජූලි මස 20 වනදා නායක ජිඅන්ග් ෂෙමින් විසින් ෆාලුන් ඩාෆා චීනය තුළ තහනම් කරන ලදී. එතැනින් නොනැවතුන ඔවුන් සෑම ෆාලුන් ඩාෆා පුහුණුවන්නෙකුටම හිංසා සිදු කල අතර ඔවුන්ව හමුදා ශ්‍රම කදවුරු වලට පවා යවන ලදී. මිලියන ගණනක් පුහුණුවන්නන් රදවා ගනු ලැබූ අතර ඔවුන්ව සිරබාරයට ගනු ලැබීය. ලක්ෂයකට අධික පුහුණුවන්නන් සිරබාරයේ සිටියදී බලවත් හිංසනයට සහ අපයෝජනයට ලක්වී තිබේ. මීට අමතරව සිරගත කර සිටියදී සිදු කරනු ලැබූ වද හිංසා නිසා මේ වන විට ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් දහස් ගණනක් මිය ගොස් තිබෙනවා. මේ නිසා මිලියන ගණනකට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, රැකියාව සහ මූලික නිදහස පවා අහිමි වූවා.

තවදුරටත් අකාරුණික වූ චීන රාජ්‍ය පාලනය සිරබාරයට ගත් පුහුණුවන්නන්ගේ ශරීර වල අවයව බලෙන් ගලවා ගැනීම පිණිස ඔවුන් මරණයට පත් කරනු ලැබුවා. මෙලෙස මරණයට පත්වූ පුහුණුවන්නන් කිසිදු ඇසින් දුටු සාක්ෂියක් නොමැති පරිදි මිහිදන් කරනු ලබනවා. එසේම මෙලෙස ගලවා ගනු ලබන අවයව නැගී එන චීන අවයව බද්ධ කිරීමේ ව්‍යාපාරයට යොදා ගනු ලබනවා. මෙලෙස ෆාලුන් ඩාෆා පුහුණුවන්නන්ගේ අවයව බලෙන් ගලවා ගැනීම මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයකින් සිදු වෙමින් පවතිනවා. මෙලෙස අවයව ගලවා ගැනීමේ මධ්‍යස්ථාන 36කට වඩා චීනය තුළ පිහිටුවා තිබූ බව 2006 දී කල ස්වාධීන සමීක්ෂණයකදී අනාවරණය කර තිබෙනවා. මෙම අවයව ලොව පුරා රටවල් වලට සහ හමුදාවන්ට අලෙවි කරනු ලබනවා. මෙලෙස සිරබාරයේ සිටින පුහුණුවන්නන්ගේ අවයව ගලවා ඉවත් කිරීම සිදු කරන්නේ ඔවුන් සිහිමුර්ජාවට පවා ලක් නොකරයි.

 

මේ සදහා ඔබට කුමක් කල හැකිද?

ලොව පුරා සියලු ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් හා ඒ සදහා උදව්වන්නන් චීනය තුළ මේ හිංසාව අවසන් කිරීමට සාමකාමී ආයාචනයක් කරමින් සිටිනවා. ඔබ සැමට මේ සදහා පහත ආකාර වලින් සහභාගී වීමට හැකිය.

චීනය තුළ මිනිස් අවයව ගලවා ගැනීමට විරුද්ධව සහ චීනය තුළ ෆාලුන් ඩාෆා තහනම ඉක්මනින් ඉවත් කිරීම පිණිස www.fofg.org වෙබ් අඩවිය හරහා පෙත්සමකට අත්සන් කල හැකිය. එසේම මේ මූලික මිනිස් අයිතිවාසිකම කඩවීම පිණිස සියලු දෙනා දැනුවත් කිරීමේ කර්තව්‍යයකට දායක විය හැකියි.

මෙම මූලික මිනිස් අයිතිවාසිකම කඩ කිරීමට විරුද්ධව ඔබ සැවොම පෙල ගැසෙන්න.

චීනය තුළ ෆාලුන් ඩාෆා සදහා පනවා ඇති තහනම පිලිබදව වැඩි දුරටත් කියවීම සදහා පිවිසෙන්න. www.faluninfo.net සහ www.minghui.org වෙත.