ෆාලුන් ඩාෆා ව්‍යායාම...
ෆාලුන් ඩාෆා පුහුණුවීමෙන් මිනිස් සිත සහ ශරීරය යන ද්විත්වයම සංවර්ධනය කරන බැවින් ඔබගේ සිත තුළ සත්‍යවාදී බව, කරුණාව සහ ඉවසීම යන විශ්ව නියාම ධර්ම වර්ධනය කරන අතරතුර ඉතා නීරෝගී ශරීරයක් ගොඩනගා ගැනීම පිණිස ඉතා සරල ව්‍යායාම ක්‍රම 5 ක් ලී හොන්ග්ෂි ගුරුතුමා විසින් හඳුන්වාදී ඇත.
ඕනෑම වයස් සීමාවක පසුවන පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් ඕනෑම ස්ථානයක කළහැකි පරිදි මෙම ව්‍යායාම ක්‍රම 5 සකස්කර ඇත.
මෘදු ඇදීමේ චලනයන් භවිතා කරමින්, මෙම ව්‍යායමය ශරීරය තුළ සියලුම ශක්ති මාර්ගයන් විවෘත කරයි.
එකිනෙක මිනිත්තු කිහිපයක් සඳහා රඳා පවත්වා ගත හැකි නිශ්චල ඉරියව් හතරකින් සමන්විත, දෙවන ව්‍යායමය කෙනෙකුගේ ශක්ති මට්ටම වැඩි දියුණු කරන අතර ප්‍රඥාව අවදි කරයි..
එහි මෘදු දෑත් ගලා යාමේ චලනයත් සමගින් මෙම ව්‍යායාමය විශ්වයෙහි ශක්තිය භාවිතා කරමින් ශරීරය පිරිසිදු කරයි.
සමස්ථ ශරීරය පුරාවට, ඉදිරියෙන් සහ පිටුපසින් මෘදුව දෑත් ගමන් කරවීම තුළින් සිව්වන ව්‍යායමය ශරීරයේ සියලුම අසාමාන්‍ය තත්ත්වයන් නිවැරදි කරන අතර ශක්තිය පුළුල් ලෙස සංසරණය කරවයි.
ගැඹුරු නිශ්චලත්වයක් තුළින් ශරීරය හා මනස යන දෙකම වැඩි දියුණු කරන භාවනාවකි. දිව්‍යමය ශක්තීන් හා ශක්ති විභවයන් වර්ධනය කරයි.
ෆාලුන් ඩාෆා ව්‍යායාම සහ භාවනාව හැඳින්වීමේ වීඩියෝව
zoom තාක්ෂණය ඔස්සේ නොමිලේ පුද්ගල උපදේශනයන් ලබා ගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.
ශ්‍රී ලංකාවේ ව්‍යායාම් ස්ථාන
ශ්‍රී ලංකාවේ ෆාලුන් ඩාෆා පුහුණුවන්නන් නිතර සමූහ ව්‍යායාම් සඳහා රැස් වෙති. සියලු ෆාලුන් ඩාෆා ක්‍රියාකාරකම් නොමිලේ සිදු කරන බැවින් මෙම සමූහයට පහසුවයෙන් ඔබට සම්බන්ධ විය හැකිය.
ව්‍යායාම් ස්ථාන සහ වේලාවන් ගැන තොරතුරු ලබා ගැනීමට අප අමතන්න. ලොව වෙනත් ඕනෑම රටක දේශීය සම්බන්ධතාවයන් සොයා ගැනීමට අපගේ ප්‍රධාන වෙබ් අඩවිය www.falundafa.org වෙත පිවිසෙන්න..
ව්‍යායාම් ස්ථාන ගැන විස්තර ලබා ගන්න
ශ්‍රී ලංකාවේ ෆාලුන් ඩාෆා ව්‍යායාම් ස්ථාන, දිනය සහ වේලාව ගැන දැනගන්න අප හා සම්බන්ධ වන්න.
දේශීය සම්බන්ධතා